ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, ඔහුගේ දියණිය, බෑණා සහ මුනුපුරා ඊයේ දිනයේදී ඔහුගේ කාර්යාලයේ රාජකාරි කරමින් සිටියදී එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රථම වරට නිල වශයෙන් අනාවරණය කර තිබෙනවා. මීට පෙර ඊශ්‍රායල සහ අමෙරිකානු නායකයන් මේ පිළිබඳව පළකළ අදහස් ඉරානය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවද, ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය මේ බව තහවුරු කරමින් එරට දින 40ක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.The post ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ බව ඉරානය නිල වශයෙන් තහවුරු කරයි appeared first on Siyatha News.